මැයි 09 ගැටුම විසඳන්න ජනාධිපති SDIG දේශබන්දුට විනාඩි 11ක් උපදෙස් දීලා!

Date:

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ ඈති වූ ගැටුම්කාරී සිද්ධිය වූ දිනයේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනිත්තු 11 කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගත් බවත් එලෙස උපදෙස් ලබා ගත් වහාම දෙපිරිසේම සිටි පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (01) දන්වා සිටියේය.

ජනාධිපතිවරයා එහිදී කිසි ලෙසකින්වත් අරලියගහ මැදුරේ සිටි පිරිසට ගාලුමුවදොර පිටියට යාමට ඉඩ නොදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට පවසා ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ඉහළ පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් ලැබුණු උපදෙස් එම ගැටුම් වළක්වාලීමට ප්‍රමාණවත් නොවන නිසා ඔහු ජනාධිපතිවරයාගෙන් උපදෙස් පැතූ බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

”ස්වාමීනි, මගේ සේවා දායකයා සිද්ධිය වන අවස්ථාවේ සිටියේ නිළකාමරයේ. සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් වහාම එම ස්ථානයට පැමිණියා. එහිදී මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගෙන් පොලිස්පතිවරයා ලබා දුන් උපදෙස් ලැබුණා. එම උපදෙස් සම්බන්ධයෙන් මා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් විමසුවා. එම උපදෙස්වලට අනුව ගැටුමේ මූලික කොටස වළක්වාලීමට නොහැකි වුණා. එම නිසා ඔහු ජනාධිපතිවරයාට මිනිත්තු 11 ඇමතුමක් ගෙන තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා වහාම එම ගැටුම් වළක්වාලීමට කටයුතු කරන ලෙස අවධාරණය කර තිබෙනවා” යැයි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටින ලදී.

එම අවස්ථාවේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ද විවෘත අධිකරණයේ සිටියේය.

ජනාධිපති නීතිඥවරයා මෙලෙස අදහස් පළ කළේ ගැටුම නවතාලීමට දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ පියවර සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ දී ය.

එහිදී ඊට එරෙහිව මත පළ කළ අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සහ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...