Home පුවත් වියදම් අඩු කරන්න සිකුරාදාට කම්කරු දෙපාර්තමේන්තුවට නිවාඩු !

වියදම් අඩු කරන්න සිකුරාදාට කම්කරු දෙපාර්තමේන්තුවට නිවාඩු !

0
952

සතියට දින හතරක් පමණක් කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිකුරාදා දිනයේදී කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු දිස්ත්‍රික් කාර්යාලය වසා තැබෙනු ඇත.

රාජ්‍ය වියදම් අඩු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹ ඇති අතර හෙට දිනයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වේ.

කම්කරු කාර්යාල වසා තැබීම හේතුවෙන් සිකුරාදා දිනවලදී සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල්වලට අදාල කටයුතු සිදු නොකරන බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

UN