ගංවතුරෙන් පවුල් 5357ක පුද්ගලයින් 22338ක් ආපදාවට – මරණයකුත් වාර්තා වෙයි

Date:

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 5357ක පුද්ගලයින් 22338ක් ආපදාවට ලක්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.

ඒ, අද (02) ආපදා තත්ත්වයේ නවතම තොරතුරු මාධ්‍ය වෙත දක්වමිනි.

ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 43ක් ආපදා තත්ත්වයට මුහුණ දී සිටින අතර මරණ 1ක් සහ තුවාල වීම් 1ක් වාර්තා වී ඇත.

සහන මධ්‍යස්ථාන 10ක පවුල් 192ක පුද්ගලයින් 690ක් රැඳී සිටින අතර මිතුරන් හා ඥාතීන් පදනමින් තවත් පවුල් 647ක 2433ක් රැඳී සිටින බවයි රණසිංහ මහතා පැවසුවේ.

අර්ධ හා සුළු වශයෙන් හානි සිදුව ඇති නිවාස ගණන 174කි.

ආපදාවට පත් වූ සියලු දෙනා වෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ප්‍රතිපාදන ලබා දෙන අතර තවදුරටත් නාවික හමුදාවේ කණ්ඩායම් 12ක් ස්ථානගත කර තිබෙන බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහය ලැබෙන බවයි ඔහු පැවසුවේ.

ණයේ යෑම් අවදානමද තවදුරටත් පවතින බව හෙතම කියා සිටියේය.

ආපදාවට ලක්ව සිටින තැනැත්තන් වෙත කිසියම් හෝ ආකාරයක ගැටළුවක් වේ නම් 117 අංකය අමතා දැනුම් දිය හැකියි.

මේ අතර සෑම දිනකම ආපදා තත්ත්වය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත තත්ත්ව වාර්තාවක් යොමුකරන අතර ඒ අනුව අගමැතිවරයාගේ උපදෙස් මත මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහාද උපදෙස් ලැබී තිබෙන බවයි සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...