වයස 18 ට වැඩි අයට පණිවිඩයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   2023 අයවැය ලේඛනයේ යෝජනාවක් ලෙස තිබූ , අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කලයුතු යැයි කීවත් වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නෑ මේ සියලුදෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලුදෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම්කිසි නියාමනයකට ගෙන එන එක රාජ්‍ය ආදායම. සමහර අයට ඒ ලිපිගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ, ඔහු ලියාපදිංචි වෙන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධවෙන්නෙත් ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවල තියෙන එකක් නිකුත් වූ ගැසට් පත්‍රය එක්ක. මේ ගැසට් පත්‍රයෙන් අදහස් වෙන්නේ විශේෂයෙන් ම ජූනි මාසයේ 1 වනදා ඉඳලා මේ රටේ බදු ගෙවිය හැකි යැයි විද්‍යාමාන වෙන කැපී පෙනෙන පන්තිවලට ආරාධනා කරලා තියෙනවා කරුණාකරලා බදු ලිපිගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරු මහත්වරු වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. එවැනි කණ්ඩායම් 14කට මේ ගැසට් එක නිකුත් කරලා තියෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයස් කාණ්ඩ හතරක බාලක බාලිකාවෝ ස්කොෂ් සඳහා කොරියාවට

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: දකුණු කොරියාවේ ගිම්චියොන් ස්කොෂ්...

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...