වයස 18 ට වැඩි අයට පණිවිඩයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   2023 අයවැය ලේඛනයේ යෝජනාවක් ලෙස තිබූ , අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කලයුතු යැයි කීවත් වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නෑ මේ සියලුදෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලුදෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම්කිසි නියාමනයකට ගෙන එන එක රාජ්‍ය ආදායම. සමහර අයට ඒ ලිපිගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ, ඔහු ලියාපදිංචි වෙන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධවෙන්නෙත් ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවල තියෙන එකක් නිකුත් වූ ගැසට් පත්‍රය එක්ක. මේ ගැසට් පත්‍රයෙන් අදහස් වෙන්නේ විශේෂයෙන් ම ජූනි මාසයේ 1 වනදා ඉඳලා මේ රටේ බදු ගෙවිය හැකි යැයි විද්‍යාමාන වෙන කැපී පෙනෙන පන්තිවලට ආරාධනා කරලා තියෙනවා කරුණාකරලා බදු ලිපිගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරු මහත්වරු වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. එවැනි කණ්ඩායම් 14කට මේ ගැසට් එක නිකුත් කරලා තියෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...