*
Friday, April 19, 2024
spot_img

Latest Posts

දුවන මුවන් දැක අතහැර දැමූ රගර් පළා

රගර් ස්ථාවරකරණ කමිටුව පත් කිරීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශය වැටී ඇත්තේ දුවන මුවන් දැක නෙළු පළා දමා ගිය තත්ත්වයටය.පෞද්ගලික කාරණාවක් මත ආසියානු රගර් සම්මේලන සභාපතිවරයා සහ ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා අතර ඇති වූ සිත් නොහොදවීමක් පදනම් කරගෙන ආසියානු සභාපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් මේ වන විට ආසියානු සම්මේලන මට්ටමේ ද අවධානය යොමු වී තබෙන මොහොතක ක්‍රීඩා අමාත්‍යවරයාට කිට්ටු වී සිටින රගර් කේවට්ටයන් සිඳු කළේ ආසියානු සභාපතිවරයා සමඟ එක් වී රගර් ගොඩ නැඟීමට හැකි බවට ක්‍රීඩා අමාත්‍යවරයාව වරදට පෙළඹවීමය.

මේ තත්ත්වය යටතේ පැන නැඟුණු ප්‍රශ්න සියල්ල කළමණාකරණය කර ගනිමින් රගර් ක්‍රීඩාව ඉදිරියට රැඟෙන ගිය පරිපාලනය ඉවත දැමීමට කටයුතු කළ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මුග්ධ සහ උද්දච්ඡ තීරණයෙන් සිඳු වූයේ ශ්‍රී ලංකා රගර් හා සම්බන්ධ ක්‍රීඩකයන්ට,පුහුණුකරුවන්ට හෝ තීරකයට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් එහාට රගර් ක්‍රීඩාව වෙනුවෙන් පිවිසීමට නොහැකිවීමය.සමහර විට ජාත්‍යන්තර රගර් සම්මේලනය ආසියානු මට්ටමේ වගකීම් දරණ ශ්‍රී ලාංකිකයන්ද ගෙදර යැවිය යුතුය කියන තැනට පැමිණියහොත් තව දුරටත් අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට කේවට්ටයන්ගේ තරම දැන ගන්නට ලැබෙනු ඇත.

මේ තත්ත්වය රගර් ක්‍රීඩාව සඳහා බල පා තිබෙන්නේ කෙසේද යන්න සලකද්දී විශේෂයෙන් කරුණු දෙකක් ගැන අවධානය යොමු කිරීම වටින්නේය.පළමු ගැටළුව මෙම විසිරීම නිසා රගර් සම්මේලනයේ වැටුපට රාජකාරි කළ දස දෙනෙකුට පමණ වැටුප් ගෙවීම මාස දෙකකින් පමණ සිදු වී නැත.නඩුවක් ක්‍රියාත්මක වීම නිසා ඔවුන් වැටී තිබෙන නරක තත්ත්වය ක්‍රීඩා අමාත්‍යංශය අදාළ කරගෙන නැත.
ක්‍රිඩා අමාත්‍යවරයා නිසි ආකරයට සාකච්ඡා කර,වෙනස්කම් සමබන්ධයෙන් උපදෙස් නොදී ක්‍රීඩා අමාත්‍යවරයා පණතෙන් ක්‍රීඩාවේ සර්ව බලධාරී චරිතය බවට පත් කර ඇතැයි විසුරුවීම මෙන්ම එහි සේවය කළ අයට නොදන්නවා සහ අනුමැතියකින් තොරව දේපළ සීල් තැබීම නිසා එහි දේවය කළ අයගේ අයිතිවාසිකම් යම් පමණකට උල්ලංඝණය වී ඇති බව පිළිගත යුතුය.ඒ තත්ත්වය නිසා හිටපු පරිපාලනය තමන්ගේ දේපළ ආරක්ෂාව සහ ඉදිරියට සිදු විය හැකි අභූත චෝදනා සම්බන්ධයෙන් පොලිසියේ දැමූ පැමිණිල්ලට අනුව අද එයට කිසිවෙක්ට ඇතුළත්වීමට නොහැකිය.

මේ සියල්ල නීතිය නිවැරදි පිළිවෙලට නොයෙදීමෙන් ඇති වූ ප්‍රශ්න බව අමතක නොකළ යුතුය.මේ නිසා බඩගින්නේ ඉන්නට සිඳු වී ඇත්තේ රගර් ක්‍රීඩා කරපු උදවියට පමණක් නොවේය.එම සම්මේලන කාර්යාලයේ කාර්යාල සේවකයන් ද ඊට හොඳම උදාහරණය ය.වැඩක් කරන විට ඒ නිසා ඇති විය හැකි ගැටළු මොනවාද?ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ඔහු භාරගන්න යැයි කියූ සැණින් වගකීම් භාරගත් අතුරු කමිටුවද සිතුවේ නැත.දැන් ඒ නිසා තව දුරටත් අතුරු කමිටුවකින් මිස නිලවරණයකින් බලයට ඒමට නොහැකි තරමට රගර් ස්ථාවරකරණ කමිටුවේ සිටින සාමාජිකයන් මෙන්ම එය යොදා ගනිමින් එක ගලෙන් කුරුල්ලෝ දුසිම් ගණන් බෑමේ සැලසුම් ඇතුව වැඩ කළ අයද දැන් අනාතව සිටිති.ඇත්තයම අතුරු කමිටුවක් අවශ්‍ය වූවේ ද එසේ නිලවරණයකින් බලයට ඒම සඳහා අත්සනක්වත් ක්‍රීඩා සමාජයකින් ලබා ගන්නට නොහැකි තරමට පිරිහී සිටින පුද්ගලයින්ටය.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට මවා පෙන් වූ ලස්සන රූපයේ හිටියේ ආසියානු සභාපතිවරයා ය.ඔහුට අවශය පරිදි හිතේ තිබෙන කේන්තිය පිට කර ගැනීමෙටනම් ශ්‍රී ලංකා සභාපතිවරයා ඉවත් විය යුතුය.ඒ දේ දැන් කර දුන්නේය.ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු සබදතාවයක් හැඳුව ද පත් වූ ස්ථාවරකරණ කමිටුව කියන්නේ ව්‍යවස්ථාමය වෙනස්ක ගැනය.ඒ විසුරුවන ලද සහ ඊට පෙර සිටි පරිපාලන ද ක්‍රියාත්මක කළ කාරණාය.දැන් අධිකරණයට ක්‍රීඩා අමාත්‍යංශයටත් වඩා තමන්ට ලැබුණ් පිංවන්ත තනතුරු බේරා ගැනීමට විරෝධතා ඉදිරිපත් කරන්නේ සැලසුම් ඉල්ලා සිටින්නේ එම ස්ථාවර කමිටුවය.ඔවුන් අඩුම තරමේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආධාරය ඉල්ලා එළැඹෙන සැප්තැම්බරයේ එන ආසියානු තරගාවලියට කණ්ඩායම පුහුණුව පටන් ගන්නවත් සිතා නැත.
එය අතිශයින් පටු සහ පවිටු හැඟීමකින් කටයුතු කළ ආසියා සභාපතිවරයා සමඟ ගොඩ නඟන්නට සිතූ සිහින මාලිඟාව බිද වැටුණු පස් තත්වය ය.ඇත්තටම රගර් සම්බන්ධ වේගයෙන් ඉදිරියට ආ ගමණ සපුරා නැවතී ඇත.දැන් ස්ථාවරකරණ තමන්ගේ පුටු බේරා ගැනීමේ උත්සාහයට වඩා ක්‍රීඩා අමාත්‍යංශය හරහා රගර් සමාජයට ආමන්ත්‍රණය කර පත් වූ දවසට වඩා අහන හැම දේටම බෝලය ඇමතිට නොදමන්නට කටයුතු සිදු කළ යුතුය.
ජාත්‍යන්තර රගර් සම්මේලනයෙන් පැමිණෙන තෙක් රග්ර් දේශිය පොළව තුළ ආරම්භ කරන්නට හැකිය.සංචිතය තහනම ඉවත්වන තුරු නොසිට පටන් ගන්නට අවශ්‍යය වේ.ඒ සඳහා අමාත්‍යංශයෙන් හෝ ඉඩ කොටසක් ලබා ගෙන ක්‍රියාකාරීවීමට ස්ථාවරකරණ කමිටුව උත්සාහ කළ යුතුය.නමුත් දැන් අමාත්‍යවරයා තමන්ව තනතුරුවල ඉන්දීමට සතුට ප්‍රකාශ කිරීම සඳහා නීතිඥවරු රැඟෙන උසාවියට පැමිණෙති.අමාත්‍යවරයාට සහය දීම,කෘතගුණ සැළකීම වැනි කාරණා සිදුවෙමින් පවතී.

නමුත් රගර් එතැනමය ඇත්තටම විසන්ධිව ඇති කාලය හා සසඳද්දී හා එය සිහියට ගෙන ඉදිරිය බලද්දී රගර් පාංශකූලයට සූදානම් කරන බවක් හැඟේ. ජාතික ක්‍රීඩා සභාව ආදි විවිධ කමිටු, අමාත්‍යවරයාගේ උපදේශනයට නම් කරන ලද කමිටු අමාත්‍යවරයාගේ උපදේශනයට අනුව නැටවෙන රූකඩ බවට පත්ව සිටිති.ස්ථාවරකරණ කමිටුව විවිධ ලිපි ගොනු ඉදිරිපත් කරමින් තම පත්වීම් තහනම් රැක ගැනීමට හෝ ඒවායේ ආයු කාලය වැඩි කර ගැනීමට ක්‍රියා කරමින් සිටින අතර රගර්මය ප්‍රේමයෙන් ඔවුන්ට අමතකව ඇති සහ මතක තබා ගත යුතු ප්‍රධානම කාරණය වන්නේ රගර් වෙනුවෙන් කාර්යාලීය වැඩ කටයුතු කරන්නට බැදී සිටින සේවකයින්ට මාස ගණනක සිට වැටුප් නැති බවය.එසේම ආසියානු ක්‍රීඩා උළෙලට රගර් ක්‍රීඩාවෙන් පදක්කමක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පෙරට එමින් තිබුණ වැඩ සටහන රගර් වෙනුවෙන් රැක ගත යුතුය.පෙරට ගෙන යා යුතුය.කවුරුන් පැමිණියද තනතුරු රැකෙන්නට හෝ කරන්නට රගර් තිබිය යුතුය.

අධිකරණය ඉදිරියේ කල් අදින්නට සහ තව මොහොතක් හෝ තනතුරේ රැඳෙමින් හිටපු පරිපාලනයට නැවත වැඩ කරන්නට ඇති කාලය අඩු කිරීමේ අදහසෙන් කටයුතු කිරීමෙන්,නැති වෙන්නේ රගර් මිස තරහාකාරයන් නොවේය.මේ මොහොතේ තේරුම් ගැනීමට ඇති වැදගත්ම කරුණ එයය.රගර් නොව බලය සම්බන්ධයෙන් වන හැඟීමෙන් වැඩ කටයුතු දෝෂයක් නැතුව කෙරී ගෙන හා තිබුණු ණය බර පියවා ගෙන ආ රගර් තහනම් කිරීමෙන් අමාත්‍යවරයා බලාපොරොත්තු වූයේ තමන්ගේ නම පෙරමුණට ගෙන දේශපාලනමය වශයෙන් පත් කළ රගර් ස්ථාවරකරණ කමිටුව එක්ක සැණකෙළි පවත්වමින් දේශපාලනමය වශයෙන් පිම්ඹෙන්නට නම් කියන්නට ඇත්තේ මුවන් දුවා ඇත.පළා අතෙත් නැත යනුවෙන් ය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan