හඬන රටවැසියන්ට සතුටු විය හැකි සටනක් දී පැපුවා නිව්ගිනියා කෙදෙව්වන් ඉදිරියේ දෙවැනි වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 03, කොළඹ (LNW):

මේ මොහොතේ ලෝකයේ බොහෝ තැන්වලින් වාර්තාවන අයහපත් කාලගුණ තත්ත්වයේ ප්‍රතිපලවලින් විශාලම හානියට ලක් වූ රට හැටියට පැපුවා නිව්ගිනියාව හැඳින්විය හැකිය.දෙදහසකට ආසන්න පිරිසක් පස් යට සැඟව ගිය මුංගලෝ කන්දේ දැවන්ත නාය යාම නිසා රටම හැඬු කඳුළින් සිටියදී එරට නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ සිය පළමු ලෝක කුසලාන විස්සයි විස්ස තරගයට මුහුණ දුන්නේය.ඒ ප්‍රබල කොදෙව් දූපත් කණ්ඩායම සමඟය.


මෙවර තරගාවලිය නියෝජනය කරන අලුත් කණ්ඩායමක් මෙන්ම මේ මොහොතේ ඉතා දුෂ්කර තත්ත්වයක මනස තබාගෙන දරා ගෙන ක්‍රීඩා කරන කණ්ඩායමක් හැටියට ගත හැකි පැපුවා නිව් ගිනියා කණ්ඩායම සිය පළමු ලෝක කුසලාන තරගයට ඒ සියළු තත්ත්වයන් යටතේ හොඳින් මුහුණ දුන්නේය.කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු වාර විස්ස තුළ කඩුලු 8 ට ලකුණු 136 ක් රැස් කරද්දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක පැපුවා නිව්ගිනියා කණ්ඩායම වෙනුවෙන් පළමු අර්ධ ශතකය වාර්තා කළ ක්‍රීඩකයා වන්නට සෙසේ බාවු සමත් විය.

ඔහු පන්දු 43 දී ලකුණු 50 ක් වාර්තා කරන්නට සමත් විය.


එහෙත් කොදෙව් ක්‍රීඩකයින්ට එම ලකුණු ප්‍රමාණය හඹා යාම පහසු නොවීය.කඩුලු 5 ක් අහිමි විය.එසේම 19 වන ඕවරයේ අවසාන පන්දුව තෙක්ම ඉවසා සිටින්නට සිඳු විය.16 වන ඕවරය නිමා වන විට කොදෙව් කණ්ඩායම සිටියේ කඩුලු 5 ක් අහිමිව ලකුණු 97 ක් පමණක් ලබා ගෙනය.එහෙත් අංක හත ක්‍රීඩකයා ලෙස පැමිණි ඇන්ඩෘ රසල් සහ කොදෙව් ඉණිමේ නැංගුරම බවට පත් වෙමින් තරගයේ වීරයා වූ රොස්ටන් චේස් ඉතිරි ඕවර් 3 තුළ ලකුණු 40 ක සබඳතාවයක් ගොඩ නැඟීය.චේස් පන්දු 27 න් නොදැවී ලකුණු 42 ක් ලබා සිටි අතර රසල්ගේ දායකත්වය පන්දු 9 දී නොදැවී ලකුණු 15 ක් විය.


තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසෙන්න.
https://es.pn/4e8iJ6I


ඡායාරූපයේ සිටින්නේ පැපුවා නිව්ගිනියා වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන පළමු අර්ධ ශතකයට හිමිකම් කී සෙසේ බාවු ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...