මීළඟ IMF වාරිකය ගැන සාකච්ඡා එළැඹෙන සතියේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): අයි එම් එෆ් මීළඟ වාරිකය පිළිබඳ මූලික සාකච්ඡා ලබන සතියේ ආරම්භ වනු ඇති බවට විශ්වාසය පළ කෙරෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ 4 වන වගන්තිය උපදේශනය හා දෙවන සමාලෝචනය ලබන සතියේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාව එළඹෙන ජූනි 12 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් රැස්වීම් න්‍යාය පත්‍රයට එක්කර ඇති බව, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇති බව පැවසේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය හා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකය ලබාගැනීමට සාර්ථක සමාලෝචනයක් සඳහා සියලු රටවල අඛණ්ඩ සහයෝගය  බලාපොරොත්තු වන බවයි.

පසුගිය වසරේ දෙසැම්බරයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය අනුමත කරන ලද අතර, එමඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 337ක් ලබා ගැනීමට හැකි වූ අතර, පසුගිය මාර්තු මාසයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය හා ශ්‍රී ලංකා බලධාරීන් දෙවන සමාලෝචනය හා උපදේශනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...

නොපෙණෙන දෑසෙන් පෙනෙන දෑසට පාඩමක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: දෑස පෙණෙන අය දෑත...

කොළඹ වරාය නගරය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : 2021 අංක 11...