හෙට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (2024/06/04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර ඇත.

2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප

1. සබරගමුව පළාත

රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
කෑගල්ල දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
2. දකුණු පළාත
ගාල්ල දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
මාතර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
3. බස්නාහිර පළාත
කළුතර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
කොළඹ දිස්ත්‍රික්කය – හෝමාගම කලාපය

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙහි පාසල් නොපැවැත්වෙන බව සඳහන් කර නැති සියලු‍ පළාත්වල හා දිස්ත්‍රික්කවල ද කලාපවල ද 2024/06/04 දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි.

2024/06/04 දිනෙන් පසු ඇති වන කාලගුණ තත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...