රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ඉම්රාන් ඛාන්ගේ දඬුවම ඉස්ලාමාබාද් අධිකරණය බල රහිත කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රන්ඛාන් හා ඔහුගේ සමීපතමයෙකු වන හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිගේ දඬුවම අවලංගු කිරීමට ඉස්ලාමාබාද් අධිකරණයක් තීරණය කර තිබේ.

රටේ මහ මැතිවරණයට දින කිහිපයකට පෙර රාවල්පින්ඩි හි බන්ධනාගාරයක පිහිටුවන ලද විශේෂ අධිකරණයක් මඟින් ගෙවුණු ජනවාරි මස 30වන දින ඉම්රාන් ඛාන් හා කුරේෂිට වසර 10 ක සිර දඬුවමක් නියම කරන ලදී.

කෙසේ වෙතත්, ඉස්ලාමාබාද් මහාධිකරණය එම දඬුවම බලරහිත බව ප්‍රකාශ කර තිබියදීත්, පෙබරවාරි 3 වන දින ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී 2018 දී ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කරමින් ඔවුන්ගේ විවාහය සිදු වූ බවට කෙරුණු චෝදනවම් මත රාවල්පිණ්ඩි අධිකරණය වසර හතක සිර දඬුවම් නියම කරන ලදී. මේ හේතුවෙන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටිනු ඇති අතර කුරේෂිට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර ලැබේද නැද්ද යන්න තවමත් පැහැදිලි නැත.

හිටපු ක්‍රිකට් තරුවක් වන ඛාන්, 2018 අගෝස්තු සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්තානයේ අගමැතිවරයා වශයෙන් කටයුතු කරන ලද අතර 2022 වසරේදී ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත්විය. මෙත් සමඟ ඛාන් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් බන්ධනාගාරගතව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදු පැහැර හැරීම : පියුමි හංසමාලිට සහ විරංජිත් තාඹුගලට නඩු !

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි...

ට්‍රම්ප් අඩු කළ බද්ද රනිල්ට ඇති වෙද්දී සජිත්ට මදි වෙයි!

කොළඹ LNW:අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත...

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW : ඉකුත් 2014 වසරේ...