තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (ජුනි 02) දිනයේදී කඩවත සහ ගනේමුල්ල යන ප්‍රදේශවලදී අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

ඔවුන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව සඳහන්.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් දෙදෙනා අද (ජුනි 03) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!