බෑග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 14,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බෑග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එහි ගුවන් ආරක්ෂක පද්ධතියට සහ හෙලිකොප්ටර් අංගනයට හානි සිදුව ඇති බව විදෙස් වාර්තාව පවසයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානය සහ ඇමරිකානු-ඊශ්‍රායල හමුදා අතර කලාපය තුළ පවතින දැඩි යුදමය උණුසුම මධ්‍යයේය.

හිටපු ඉරාන නායකයා ඝාතනය කිරීමට එරෙහිව පලිගැනීමක් ලෙස ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය දියත් කළ බවට සැක කෙරේ.

ඉරාකය තුළ ඇමරිකානු නිලධාරීන් ඉලක්ක කරන ඕනෑම අයෙකුට මුදල් ත්‍යාග පිරිනමන බවටද මෙම කණ්ඩායම් නිවේදනය කර ඇත.

මේ වන විට ඉරාකය, ඉරානය සහ ඇමරිකාව අතර පවතින ප්‍රොක්සි යුද්ධයක ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇමරිකානු තානාපති කාර්යාලය සිය ආරක්ෂක මට්ටම් ඉහළ නංවා ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...