අවුරුදු එකහමාරෙන් ග්‍රාමීය දිළිඳුකම විශාල වශයෙන් අඩුකරන්න අපේ ආණ්ඩුව සමත් වුණා – කොට්ටහච්චි

සටහන – රුවන් නෙළුගොල්ල

2024 වසරට සාපේක්ෂව 2026 වසර වනවිට ග්‍රාමීය දිළිඳුකම විශාල ප්‍රමාණයකින් අඩුකිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

“2024 වසරට සාපේක්ෂව 2026 වසර වනවිට ග්‍රාමීය දිළිඳු ජනතාව විශාල ප්‍රමාණයකින් සංඛ්‍යාත්මකව අවම කරගැනීම සඳහා නව රජය විදියට අපි සමත් වෙලා තිබෙනවා. අභියෝග හමුවේ නොසැලෙන ජනරජයක් කියලා කියන්නේ අභියෝග, ප්‍රශ්න නොමැති රටක් නෙවෙයි. ස්වභාවික ආපදාවන්, ආර්ථික අර්බුද, මේ සියල්ල හමුවේ ඒවා නිසි ලෙස කළමනාකරණය කරගනිමින් මේ රටේ සියලුම ජනතාවගේ සහභාගීත්වය සහිත පාලන ක්‍රමයක් ඇතිකරගැනීම තමයි අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හරහා රටක් විදියට බලාපොරොත්තු වුණේ. ඒ සංවර්ධන ඉලක්ක ඉතාම පැහැදිලිව සම්පූර්ණ කරගැනීම සඳහා අපි සාමුහිකව කණ්ඩායමක් විදියට මේ මොහොතේදීත් පොරබදමින් ඉන්නවා. අපි ජනතාව අප මත තියපු විශ්වාසය තවදුරටත් සුරක්ෂිත කරගනිමින් මේ රටේ පාලන බලය තවදුරටත් තහවුරු කරගනිමින් ඒ පොහොසත් රට – ලස්සන ජීවිත ගොඩනැගීම සඳහා තමයි මේ ප්‍රජාශක්ති ව්‍යාපාරය හරහාත් අපි බලාපොරොත්තු වෙන්නෙ”

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දකුණු තල්පිටිය ධීවර නිෂ්පාදන අලෙවිසැල වෙත දිවෙන ප්‍රවේශ මාර්ගය පිළිසකර කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (02) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...