අපිට ආරාධනා කරන නොකරන එක ICCයේ වැඩක්. ක්‍රිකට් නිලවරණයක් ගැන තවම තීරණයක් නෑ – ක්‍රීඩා ඇමති

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා නිශ්චිත කාලසීමාවක් තීරණය කර නොමැති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වනවිට ඇදවැටී ඇත්තේ නව සභාපතිවරයකු පත්කිරීමෙන් හෝ අලුත් කණ්ඩායමක් පත්කිරීමෙන් හෝ ගොඩගත හැකි මට්ටමේ අගාධයකට නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.

ප්‍රශ්නය – පසුගිය සති අන්තයේ ඉන්දියාවේදී ICC මහසභා රැස්වීමක් පැවැත්විලා තිබුණා, ඒකට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවට ආරාධනා කරලා තිබුණෙ නෑ කියලා අපට ආරංචි වුණා. මේ ගැන ඔබතුමාගේ මතය මොකක්ද ? ඒ කියන්නෙ ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුව පිළිගන්නෙ නැද්ද ?

“නෑ, එහෙම එකක් කියලා නෑනෙ ICC එක පිළිගන්නෙ නෑ කියලා ?”

ප්‍රශ්නය – ආරාධනාවක් එවලා නැත්තෙ ඇයි ?

“ඒක මම දන්නෑ. ඒක ICC එකේ වැඩක්නෙ අපිට ආරාධනා කරනවාද නැද්ද කියන එක. නමුත් ICC එක අපිට කිසිම වෙලාවක අපිව පිළිගන්නෙ නෑ කියලා හරි වෙන ගැටලුවක් මතුකරලා හරි නෑ මේ වෙනකොට”

ප්‍රශ්නය – පරිවර්තනීය කමිටුවට නිශ්චිත කාලසීමාවක් දීලා තියෙනවාද ව්‍යවස්ථාව සංශෝධනය කරලා නිලවරණයකට යන්න කියලා ?

“අපි නිශ්චිත කාලසීමාවක් දීලා නෑ. අපි දැනට වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා, ඒක අපට ඉදිරියේදී පරිවර්තන කමිටුවෙන් ලැබෙයි, ඒක අනුව තමයි කාලය තීරණය කරගන්න වෙන්නෙ. ලංකාවෙ ක්‍රිකට් වැටිලා තියෙන අගාධය තව සභාපති කෙනෙක් මාරුකරලා හරි වෙන කණ්ඩායමක් එතනට රිප්ලේස් කරලා හරි ගොඩගන්න පුළුවන් මට්ටමට නෙවෙයි මේ වැටිලා තියෙන්නෙ”

සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...