ඔඩීසා දුම්රිය අනතුරින් මිය ගිය ගණන 288දක්වා ඉහළට!තවත් 850ක් රෝහලට!

Date:

කොළඹ LNW:ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 288ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

තවත් 850කට පමණ තුඅල සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරට පත්වූවන් මුදා ගැනීම සඳහා ගිලන් රථ 200ක් පමණ යොදවා ති බව සඳහන්.

අනතුරට පත්ව ඇත්තේ කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන ‘කොරොමැන්ඩල් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමී මගී දුම්රිය සහ ‘සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් ‘ ශීඝ්‍රගාමී මගී දුම්රියයි.

ඊයේ රාත්‍රී 7.00 පමණ ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පිළී පැනීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය මාර්ගයට වැටී ඇති අතර අනතුරුව එම මාර්ගයේ යෙස්වාන්පූර් සිට හොව්රා වෙත ධාවනය වෙමින් තිබූ සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ මාර්ගයට වැටී තිබූ දුම්රිය මැඳිරිවල ගැටී අනතුරට ලක්ව ඇති අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද පසුව එම දුමිරියේ ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අනතුරින් දුම්රිය මැදිරි 10 කට වැඩි ප්‍රමාණයක් සම්පූරණයෙන්ම විනාශ වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...