ඔඩීසා දුම්රිය අනතුරින් මිය ගිය ගණන 288දක්වා ඉහළට!තවත් 850ක් රෝහලට!

කොළඹ LNW:ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 288ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

තවත් 850කට පමණ තුඅල සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරට පත්වූවන් මුදා ගැනීම සඳහා ගිලන් රථ 200ක් පමණ යොදවා ති බව සඳහන්.

අනතුරට පත්ව ඇත්තේ කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන ‘කොරොමැන්ඩල් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමී මගී දුම්රිය සහ ‘සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් ‘ ශීඝ්‍රගාමී මගී දුම්රියයි.

ඊයේ රාත්‍රී 7.00 පමණ ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පිළී පැනීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය මාර්ගයට වැටී ඇති අතර අනතුරුව එම මාර්ගයේ යෙස්වාන්පූර් සිට හොව්රා වෙත ධාවනය වෙමින් තිබූ සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ මාර්ගයට වැටී තිබූ දුම්රිය මැඳිරිවල ගැටී අනතුරට ලක්ව ඇති අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද පසුව එම දුමිරියේ ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අනතුරින් දුම්රිය මැදිරි 10 කට වැඩි ප්‍රමාණයක් සම්පූරණයෙන්ම විනාශ වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...