ඉන්දීය මහා මැතිවරණයේ ජන්ද ගණන් කිරීම ඇරඹේ; ආසන බහුතරයක් සමඟ මොදී ඉදිරියෙන්

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 19 වැනි දින ආරම්භ වී පසුගිය සෙනසුරාදා (02) අවසන් වූ දැවැන්ත අදියර හතකින් යුක්ත ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ ජන්ද ගණන් කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ බහුතරය ලබා ගැනීමට නම් මන්ත්‍රීධුර 543න් ආසන 272ක් අවශ්‍ය වන අතර ගණනය වන ජන්ද වලට අනුව තුනෙන් දෙකක බහුතරයක් සමඟ නරේන්ද්‍ර මොදී තෙවනවරටද අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙවර ඉන්දීය මැතිවරණය වෙනුවෙන් බිලියනයකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති අතර ඉන් මිලියන 642 ක් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර එය ප්‍රතිශතයක් ලෙස 66% කි.

නරේන්ද්‍ර මොදී මෙවර මැතිවරණය ජයග්‍රහණය කරන්නේ නම් නිදහස් ඉන්දියාවේ නායක ජවහර්ලාල් නේරුගෙන් පසු අඛණ්ඩව තෙවරක් ජයග්‍රහණය කළ දෙවන අගමැති ලෙස ඉතිහාසගත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...