සටහන – රෂිකා හෙන්නායක
ජුනි 04 , කොළඹ (LNW):පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් නාගලගන්වීදිය ප්‍රදේශයේ දී වැටලීමකදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන තොටළඟ පොඩ්ඩිගේ නිවෙසින් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් ඉපැයු රුපියල් කෝටි එකහමාරක මුදලක් සොයා ගෙන තිබෙන බව පැවසේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ, එහිදි හෙරොයින් ග්‍රෑම් දෙසිය හැටහතරක්, මත්කරල් 760ක් හා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ද සොයා ගත් බවයි.
මූලික විමර්ෂණවලදී හෙළිවී ඇත්තේ, තොටලග ප්‍රදේශයේ මහාපරිමාණ ජාවාරම්කාරියක වන තොටළඟ පොඩ්ඩි නැමැත්තිය හා ඇගේ සැමියා වන සරණා යන අයට මෙම නිවස අයත් බවයි.