(VIDEO):සජිත් පනත ගැන දන්න දෙයක් නැහැ.ඇමති කංචන සජිත්ව අවුස්ස ගනී!

Date:

කොළඹ LNW: විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති අර්ථකථනය විපක්ෂ නායකතුමා විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව විපක්ෂ නායකයා සංශෝධන ගැනද නොදන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය විකිණීමක් ගැන පනත තුළ සඳහනක් නොමැති අතර ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසන විකිණීම පනත තුළ ඇති තැන පෙන්වන ලෙසද විජේසේකර අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර සමඟි ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන බ්ලූ ප්‍රින්ට් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද උක්ත පනතේ සංශෝධන ගැන සඳහන් කර ඇති අතර එය වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන විට විරුද්ධ වෙමින් සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් පනත සම්බන්ධයෙන් එළඹෙන 06 වැනිදා විවාදය පැවැත්වෙන අතර සම්මත කර ගැනීම සඳහා වන ජන්දය විමසීමට ද නියමිත බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...

ඔබගේ ගෙළෙහි සුවඳ විලවුන් තැවරීම අවදානම්ද ?

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : වර්තමානයේ කතාබහට ලක්වන බෙල්ලේ...

2026 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය: බාලි දූපත

රෂිකා හෙන්නායක ජනවාරි 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රිප්ඇඩ්වයිසර් (TripAdvisor)...