කලිස්තාන් කණ්ඩායමට‘මුහුණු පොතේ‘ඉඩ ඇහිරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ සික් ජාතිකයන් සඳහා වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින කලිස්තාන් කණ්ඩායමට සහාය වන ප්‍රචාරක වැඩකටයුතු සිදු කළ ‘මුහුණු පොතේ‘ ගිණුම් ඉවත් කිරීමට එහි හිමිකාර මාක් සකර්බර්ගේ මෙටා සමාගම පියවර ‍ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, චීනයේ සිට මුහුණු පොත තුළින් ක්‍රියාත්මක කළ බව කියන එවැනි කලිස්තාන ප්‍රචාරක ගිණුම් 37ක්, පිටු 13ක්, සමූහයන් 5ක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ඉවත් කර ඇති අතර, එම ගිණුම් මෙටා සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ බව තහවුරු වී ඇති බවයි.

සැකකටයුතු ගිණුම් පිළිබඳ මෙටා සමාගමේ විමර්ශකයන් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකට අනුව එම පියවර ගෙන ඇතැයි ද, සික් ජාතිකයන් ලෙස පෙනී සිටිමින් මුහුණු පොතේ එම ගිණුම් ක්‍රියාත්මක කළ බව අනාවරණය වී ඇතැයි ද මෙටා සමාගම ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...