ආහාර නිෂ්පාදකයන්ගේ ගැටළු විසඳන විශේෂ හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW): අද දින (4) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී, මෙරට ක්‍රියාත්මක ආහාර පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් ආහාර නිෂ්පාදකයන් හට තිබෙන ගැටලු වලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් විශේෂ හමුවක් පැවැති අතර, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ හමුව සදහා මෙරට ප්‍රධාන පෙලේ ආහාර නිෂ්පාදන ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක්ද, සහභාගී වු අතර ,සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ප්‍රමුඛ එම අංශය මගින් මෙය සංවිධානය කර ඇත.

මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට භාජනය වී ඇත්තේ, ආහාර ලේබල් කිරීම, ආහාර සම්බන්ධ ප්‍රචාරණය නව නීති රෙගුලාසි පිලිබදවත්, නියාමනයනි සිදු කිරීම පිළිබදව බව සඳහන් වේ.

ආසියානු කලාපය තුල විශිෂ්ඨම සෞඛ්‍ය සේවාවක් සපයන රට ශ්‍රී ලංකාව බවත්, අඩුම පිරිවැයකින් එම සේවාව ජනතාව වෙත ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කරන බවත්,සාකච්ජාමය අවස්ථාවෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා වශයෙනුත් මෙරට ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත, ගුණාත්මක, තත්වයෙන් උසස් ආහාර ලබා දීම සදහා අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කිරීම තම ප්‍රමුඛ කාර්යක් බවද, අවධාරණය කල අතර, වර්තමානය වන විට මෙරට ජනතාවගේ බෝ නොවන රෝග වල යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එයට වර්තමානයේ ආහාර සහ ජීවන රටාවේ බලපෑමක් ද පවතින බව අනාවරණය කල අමාත්‍යවරයා, මෙරට ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත, ගුණාත්මක ආහාර ලබාදීම සදහා සියලු දෙනා එක්වී කැපවීමෙන් කටයුතු කරමු යැයි ඉල්ලීමක් ද කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...