(VIDEO):ශෙහාන් අනුර එක්ක පැටලෙයි. අනුරට විමල්ගේ සහය!

Date:

කොළඹ LNW:ඉදිරිපත් කර තිබෙන පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉතා හොඳින් ගළපා බැලිය යුතු වන හෙයින් ඒ සඳහා කාලය අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ, අද (04) පාර්ලිමේන්තුවේදී විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවක් නොවන දිනයකදී පාර්ලිමේන්තු කාර්යයන් පිළිබඳ කාරක සභාව කැඳවා තිබුණු අතර ඊට තමන්ට සහභාගී වීමට නොහැකි වූ හෙයින් උක්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විධිමත් සකාච්ජාවක් සිදුවිය යුතු බවයි දිසානායක මහතා කියා සිටියේ.

සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත සම්මත වීමෙන් පසු විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගැනුණු අතර එය පාදක කරගෙන කථානායකවරයාටද විශ්වාසභංග යෝජනාවක් පවා ඉදිරිපත් වූ හෙයින් විදුලි බල පනතද එවැනිම බරපතල පනතක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් වන ගැටළු පැහැදිලි ලෙස නිරාකරණය කරගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විරෝධය දැක් වූ අතර අදාළ ප්‍රතිසංස්කරණ නිවැරදි වෙලාවේ සිදුකළ යුතු බවට සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී විමල් වීරවංශ මහතා නැගී සිටිමින් විදුලි බල පනත හදිසියේ සම්මත කිරීමට නොහැකි අතර දින දෙකක හෝ විවාදයක් අවශ්‍ය බව යළිත් වරක් අවධාරණය කළේ ශෙහාන් සේමසිංහ මහතාටද ඔහුගේ විරෝධය දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...