දේශපාලනයෙන් තොරව රට හදමු – ජනපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී අද (04) දහවල් පැවති ජන හමුවකට එක්වෙමින් , අප සිටින්නේ සියලුදෙනා පටු සංකල්පවලින් තොරව එකට එක් විය යුතු කාලයක බවත්, අප තවම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිත් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ඉන්ධන, පොහොර ලැබුනද හොඳ අස්වැන්නක් ලැබුනද අප තවමත් ආර්ථික අර්බුදයෙන් සම්පුර්ණයෙන් නිදහස් වී නොමැති බවත්, මේ වසර අවසන් වීමට පෙර බංකොළොත්භාවයෙන් ගොඩ ඒමට අපට හැකියාව තිබෙන බවද කියා සිටි අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් රුවන්වැල්ල පිහිටි මීදෙණිය වලව්ව වෙත ද පැමිණි ජනාධිපතිවරයා එහි මද වේලාවක් රැදී සිටි බවද පැවසේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමින සිටි පිරිස අමතමින් කියා සිටියේ,

” ජනතාව වෙනුවෙන් රජය මෙතරම් සහන ලබාදෙන්නේ කෙසේද කියා අද ඇතැම් අය ප්‍රශ්න කරනවා. උරුමය, අස්වැසුම මෙන්ම ජනතාවට නොමිලේ සහල් ලබාදීම වැනි වැඩසටහන් මෙම බංකොළොත් බව ප්‍රකාශ කෙරුණු ආණ්ඩුවකින් ක්‍රියාත්මක කරන්නේ කොහොමද යන ප්‍රශ්නය සියලුදෙනාට තිබෙනවා. මොකද රටේ ආර්ථිකය යහපත්ව පැවති කාලයේ මේවා ක්‍රියාත්මක කළේ නැහැ.

ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිකිරීමක් සිදු කිරිමට අප කටයුතු කළා. 2015 වසරෙන් පසු එවැනි වැටුප් වැඩිකිරීමක් සිදු වූ දෙවන අවස්ථාව එයයි. ඒ අනුව රජයේ සේවකයන් වෙනුවෙන් මෙතරම් වැටුප් වැඩිවීමක් සිදු වූයේ මෙරට ඉතිහාසයේ දෙවතාවයි. ඒ නිසා ආණ්ඩුව ජනතාවට මෙම සහන ලබාදෙන්නේ කෙසේද යන්න සියලුදෙනාගේ විමතියට කරුණක් වී තිබෙනවා.
අපි භාරගත්තේ ඉතා අසීරු තත්වයක තිබු රටක්. අනිත් නායකයන් ධාවන සපත්තු දැමු කාලයේ අපි සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා. එසේම අපි නිසි ප්‍රතිපත්තියක් අනුව වැඩ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනාගත්තා. වසර දෙකක් තුළ ආර්ථිකය ගොඩනැඟීමේදී ඉතා අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. බදු වැඩිකිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් එසේ කළහොත් ආර්ථිකය ගොඩගත හැකි බව අපි විශ්වාස කළා.
එතැන් සිට පළමු වතාවට දේශපාලනය නැති ආණ්ඩුවක් ලංකාවට තිබුණා. සෑම පක්ෂයක්ම එහි සිටියා. පක්ෂ අනුව බෙදීමක් තිබුණේ නැහැ. බෙදීම තිබුණේ හැකියාව සහ විශ්වාසය අනුව පමණයි. නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එක ආසනයක් පමණක් තිබූ පක්ෂයකින් ජනාධිපතිවරයෙක් බිහි වන්නේ නැහැ. රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට මම එදා සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටියා. පිරිසක් අපට සහාය ලබා දුන්නේ නැහැ.

නමුත් මම සියලුදෙනා එක් කර ගනිමින් ඉදිරියට ගියා. පළමු වතාවට දේශපාලනය නැති කැබිනට් මණ්ඩලයක් නිර්මාණය වුණා. අප පක්ෂ බේදයකින් තොරව රටේ ආර්ථිකය ගොඩගැනීමට කැප වුණා.

අප සිටින්නේ සියලුදෙනා පටු සංකල්පවලින් තොරව එකට එක් විය යුතු කාලයකයි. අප තවම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. ඉන්ධන, පොහොර ලැබුනට හොඳ අස්වැන්නක් ලැබුනට අප තවමත් ආර්ථික අර්බුදයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙලා නැහැ. මේ වසර අවසන් වීමට පෙර බංකොළොත්භාවයෙන් ගොඩ ඒමට අපට හැකියාව තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. අප රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. ඒ නිසා අපේ ආර්ථික ඉලක්ක අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇතිකරගෙන තිබෙනවා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි. ඒ නිසා අපි සියලුදෙනාම මෙම අවස්ථාවේ දේශපාලනය පසෙක තබා රට දියුණු කිරීමට වැඩ කළයුතුයි. එංගලන්තය දෙවැනි ලෝක යුද්ධය කළා වගේ අප සියලුදෙනා එක්ව එම අභියෝගයට මුහුණ දිය යුතුයි. දේශපාලනය වෙනම තබාගෙන අප රට වෙනුවෙන් එකට වැඩ කරමු. පැරණි දේශපාලනයේ යෙදීමෙන් රට ඉදිරියට ගෙන යන්න බැහැ. අපි මේ රටේ තරුණයන්ට අනාගතයක් ගොඩනගා දිය යුතුයි. ඒ නිසා දේශපාලනයෙන් තොරව රට හදන්න ඉදිරියට යමු කියන ආරාධනා කරනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...