ඉරාන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 80 දෙනෙකු ඉදිරිපත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හදිසි හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමත් සමඟ ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට නියමිත ජුනි 28 වන දා පවත්වය ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට අපේක්ෂකයන් 80 දෙනෙකු ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

භ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩිට අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මධ්‍යස්ථ මතධාරීන්ට හෝ ප්‍රතිසංස්කරණවාදීන්ට වඩා ගතානුගතික සහ අතිශය ගතානුගතික චරිත මෙන්ම මධ්‍යම ශ්‍රේණියේ පූජකවරුන් ගණනාවක් සහ කාන්තාවන් හතර දෙනෙකු ඉදිරිපත් වී තිබේ.

මෙහි වඩාත්ම ජනප්‍රිය චරිතය වන්නේ 2005 සිට 2013 දක්වා අඛණ්ඩව වාර දෙකක් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ 67 හැවිරිදි මහමුද් අහමදිනෙජාඩ්ය.

ඉරානයේ උත්තරීතර නායකයා විසින් පත් කරන ලද නීතිවේදීන් 12 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බලය හිමි අපේක්ෂකයින් කවුරුන්ද යන්න තීරණය කරනු ඇති අතර ඉරාන නීතියට අනුව, ජනාධිපති ධුරය සඳහා සුදුසුකම් ලැබීමට නම් අපේක්ෂකයින් වයස අවුරුදු 40 සිට 75 ඉක්මවූ අවම වශයෙන් විශ්ව විද්‍යාල ශාස්ත්‍රපති උපාධියක් තිබිය යුතු අතර ඔහු ඉස්ලාමීය ජනරජයට පක්ෂපාතී අයෙකු විය යුතුය.

බොහෝ රටවල් මෙන් නොව, ඉරාන ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා නොවන අතර, ඉස්ලාමීය ජනරජයේ අවසාන අධිකාරිය උත්තරීතර නායකයා අයතුල්ලා අලි කමේනි වේ. ඔහු මේ වන විට වසර 35ක් තිස්සේ එම තනතුර දරනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...