රටේ ආහාර තත්වය ගැන අගමැති රනිල් FAO සහ UNDP සමග සාකච්ඡා කරයි

Date:

රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් අතර සාකච්ඡාවක් ඊයේ (03) පැවැත්විණි.

ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැහැදිලි කළේය.

එම වැඩසටහන ලබන මාසයේ එළිදැක්වීමට නියමිත අතර UNDP සහාය සඳහා එහිදී ආරධනා කර සිටියේය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය පොහොර සහ ඉන්ධන හිඟය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ඉදිරියේදී විය හැකි ආහාර හිඟයක් මඟහරවා ගැනීම සඳහා තමන් විසින් ආරම්භ කරන ලද නාගරික කෘෂිකර්ම වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා විස්තර කළේය.

මේ අතර පොහොර හිඟය මගහරවා ගැනීමට ගොවි ප්‍රජාවට උපකාර වන නව්‍ය ගොවි ආධාර වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව UNDP නියෝජිතයින් පැහැදිලි කළහ.

නාගරික කෘෂිකාර්මික වැඩසටහන ආධාර කිරීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇති බවත්, සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමකදී වැඩි මූල්‍ය ආධාර ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ආහාර අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සැලැස්මක් කෙටුම්පත් කරමින් සිටින බව විම්ලේන්ද්‍ර ශරන් ප්‍රකාශ කළේය.

ගොවීන් මුහුණ දී සිටින පොහොර ඉන්ධන ඇතුළු මුලික අවස්ථාවවල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස 5-6 ක් ඇතුළත පාලනය කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...