රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා සඳහා යැවීම ගැන ඇමති සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්

Date:

පවතින විදේශ විනිමය අර්බුදයට පිළියම් වශයෙන් රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා සඳහා පිටත්කර යැවීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (03) පැවැත්වී තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ ජ්‍යෙෂ්ඨත්වයට බල නොපාන පරිදි, ඔවුන්ට විදේශ රැකියාවක නිරතවීමේ අවස්ථාව ලබාදෙන ලෙසට වෘත්තීය සමිති ඉල්ලා සිටි අතර, රාජ්‍ය සේවයේ සිටින අතිරික්ත සේවකයින් විදේශ රැකියා සදහා පිටත්කර යැවීමේ වැදගත්කම ගැන මෙහිදී අවධානය යොමුකර ඇති බව සඳහන්.

මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයේ, වරායේ වෘත්තීය සමිති නියෝජිතයින් සදහන් කර ඇත්තේ තාක්ෂණික අංශයේ අතිරික්ත සේවකයින්ට විදේශ රැකියාවක නිරතවීමට අවස්ථාව ලබාදෙන්නේ නම් භාණ්ඩාගාරය දැරීමට සිදුවන බර අඩු කිරීමට හැකියාව ලැබෙන බවය. එසේම ගමනාගමන මණ්ඩලය, මහපොළ තාක්ෂණික පුහුණු ආයතනය වැනි ආයතනවලින් පුහුණුව ලැබූ පුහුණු ශ්‍රමිකයින් විදේශ ගත කිරීම ගැනත් මෙහිදී අවධානය යොමු කර ඇත.

ඒ අනුව විදේශ රැකියා අවස්ථාවන් ලබාදිය හැකි රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන වෘත්තීය සමිතිවල යෝජනා කැදවීමටද පියවර ගනිමින් සිටින බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...