Home පුවත් දේශපාලන පුවත් විපක්ෂ නායක සජිත් සහ ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා හමුවෙයි!

විපක්ෂ නායක සජිත් සහ ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා හමුවෙයි!

අප්‍රේල් 19, කොළඹ LNW :

සිය පළමු ද්විපාර්ශ්වික සංචාරයේ නිරත ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද කොළඹ ටාජ් හෝටලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

දෙරට අතර වෙ‌ළෙදාම පුළුල් කිරීම, ආර්ථික සබඳතා ව්‍යාප්ත කිරීම සහ දෙරටටම ප්‍රතිලාභ ලබා දිය හැකි ප්‍රායෝගික අවස්ථා විවෘත කිරීම පිළිබඳව මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අතර ඵලදායී සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමීප අසල්වැසියන් පමණක් නොව හවුල් ඉතිහාසයක්, පොදු අභියෝග සහ පොදු අනාගතයක්ද සහිත සැබෑ හවුල්කරුවන්ද වන බවත් දෙරටේ සියලුම පුරවැසියන් සඳහා මෙම හවුල්කාරිත්වයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වැඩි අභිලාෂයක්, අභිප්‍රායක් සහ විශ්වාසයක් සහිතව ගමන් කළ යුතු කාලය එළැඹ ඇති බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.