ගොල්ෆ් නන්දේ යළි ඉපදෙයි …. ??

Date:

ශ්‍රී ලංකා මහබැංකුවේ අංශ ප්‍රධානීන්ගේ රැස්වීමකදී සිදුවූ සිදුවීමකින් අනතුරුව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කඩිනමින් පිටව ගිය අයුරු අපි මීට පෙර “ගවනර් බොඩිය හදාගන්නවාට අගමැති අකමැති ලු !” යන පුවතින් හෙළි කළෙමු.

එම සිදුවීමේදී ජනාධිපතිවරයාගේ නම ද කියවී තිබුණු බැවින් එහි සිටි නිලධාරීන් සිතා ඇත්තේ මහබැංකු අධිපතිවරයා කඩිමුඩියේම පිටව ගොස් ඇත්තේ ජනාධිපතිවරයාව හමුවීමට යැයි කියාය.

එහෙත් පසුව දැනගැනීමට ලැබී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා කඩිමුඩියේම එසේ ගොස් ඇත්තේ කොළඹ ගොල්ෆ් පිටිය වෙත කියාය. වැඩිදුරටත් සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා නිරන්තරයෙන් ම ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා එහි යන බවත් මේ වනවිට ඔහුගේ දිනචර්යාවේ ප්‍රධානතම අංගය වී ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩාව බවත් ය.

වෙනෙකක් තබා ඇතැම් දිනවල දෙවතාව බැගින් ඔහු ගොල්ෆ් ක්‍රීඩාවට ගොස් ඇති අතර පසුගිය දිනවල ඇතැම් බරපතළ තීන්දු පවා ඔහු ගෙන ඇත්තේ ගොල්ෆ් පිටියේදී බවත් නිලධාරීන් අතර සාකච්ඡාවට භාජනය වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව මේ වනවිට නන්දලාල් වීරසිංහ මහතාව මහබැංකුවේම ඇතැම් නිලධාරීන් විසින් “ගොල්ෆ් නන්දේ” යනුවෙන් හඳුන්වනු ලබන අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඇතැම් නිලධාරීන් ද ඔහුව හඳුන්වන්නේ එම නමින් බවත් ආරංචිමාර්ග පැවසීය.

(කලකට පෙර ශ්‍රී ලංකාවේ අති දක්ෂ ගොල්ෆ් ක්‍රීඩා ශූරයෙකුව සිටි කේ. නන්දසේන පෙරේරා මහතාව ද හඳුන්වනු ලැබුවේ “ගොල්ෆ් නන්දේ” යන නමිනි.)

කෙසේවෙතත් මහබැංකු අධිපතිවරයාගේ ක්‍රීඩා කෞෂල්‍යයත් ක්‍රීඩාව කෙරෙහි දක්වන උනන්දුවත් සම්බන්ධයෙන් අපටත් සෑහීමකට පත්විය හැකි අතර සෙසු කාර්යයන් සම්බන්ධයෙන් නම් තවමත් සෑහීමකට පත්විය හැකි තත්වයක් නොමැති බවත් කිව හැකිය ….

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් නාය යෑමක් :05 මරුට; 12ක් අතුරුදන්

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ,කොළඹ LNW : මේ වනවිට...

ගම්පහ නගරය අවදානමේ : විශේෂ අනතුරු හැඟවීමේ රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ නගරය සහ ඒ අවට අත්තනගලු...

විදුලිය බිඳ වැටීම් 65,000 ඉක්මවයි!

කොළඹ LNW: අද (28) උදෑසන වන විට විදුලිය බිඳවැටීම්...

පාසල් පැසිපන්දුවේ ආබාධ ගැන අධ්‍යාපන බලධාරීන් ප්‍රතිකර්ම නොයොදන්නේ ඇයි?

නිශ්මං රණසිංහ නොවැම්බර් 28, කොළඹ LNW: පාසල් පැසිපන්දු සංගමයේ ක්‍රියාකාරීත්වය...