*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ගවනර් බොඩිය හදාගන්නවාට අගමැති අකමැති ලු !

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට පවතින අන්තරාදායක තත්වය අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුත්තේ රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධ ගැටලු විසඳාගන්නේ කෙසේද, ස්වෛරීත්ව ණය ආපසු ගෙවීම් පැහැර හැරීම පිළිබඳ ගැටලු විසඳාගන්නේ කෙසේද යනාදී ප්‍රශ්න විය යුතුය. එහෙත් අපට වාර්තා වන ආකාරයට මේ වනවිට ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට කායවර්ධන උපදේශකවරයෙකු (Gym Instructor) බඳවා ගැනීම ය.

මේ බඳවා ගැනීම ද පුවත්පත් දැන්වීමකුත් පළකර ඉහළම ආකාරයෙන් සිදුකිරීමට ඔවුන්ට වුවමනා වී ඇති අතර ඒ අනුව අදාළ තනතුර සඳහා පුවත්පත් දැන්වීමක් ද පසුගිය සති අන්තයේ පළකර තිබේ.

මෙම පුවත්පත් දැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ද දැක ඇති අතර ඔවුන් වහාම එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා ඇති බව සඳහන්.

එය දුටු මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා බලවත් ලෙස කෝපයට පත්ව ඇති අතර ඒ මොහොතේ එහි සිටි මහබැංකු නිලධාරීන් පිරිසකට කතා කර “රටේ ආර්ථිකය හදන්න මේ වෙලාවේ ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ද ගන්න යන්නේ ? මිනිස්සුන්ගෙන් හොඳටම බැණුම් අහන්න සිද්ධ වෙන මේ වගේ විකාර වැඩ කරන්න දෙන්න එපා …” යනාදී වශයෙන් බැනවැදී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. “බොඩිය නෙවෙයි පොඩ්ඩක් මොළේ හදාගන්න බලනවාලා” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට එහිදී උපදේශයක් ද දී ඇත.

එම සිද්ධියෙන් අනතුරුව මේ සතියේදී ශ්‍රී ලංකා මහබැංකුවේ අංශ ප්‍රධානීන්ගේ රැස්වීමක් පැවැත්වී ඇති අතර එහිදී පෙරකී නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පණිවිඩය මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට ප්‍රකාශ කර තිබේ.

“එයා කවුද ? එයා කවුද මට උපදෙස් දෙන්න ? මම ජනාධිපතිතුමාගේ මනුස්සයෙක්. මම යටත් වෙන්නේ ජනාධිපතිට විතරයි …” යනුවෙන් ඊට පිළිතුරු දී ඇති නන්දලාල් වීරසිංහ මහතා එම කායවර්ධන උපදේශකවරයා බඳවාගැනීමේ කටයුතු සිදුකරන නිලධාරියාව ද අමතා එම බඳවාගැනීම අනිවාර්යයෙන්ම සිදුකරන ලෙස උපදෙස් දී ඇති බවත් ඉන් අනතුරුව රැස්වීම අවසන් කර එම ස්ථානයෙන් කඩිනමින් පිටව ගොස් ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan