වගා සංග්‍රාමයක් සඳහා සජිත්ගෙන් ලක්ෂ 220ක සමස්ත ජනතාවටම ආරාධනා …. (VIDEO)

Date:

අද වනවිට රටේ නිර්මාණය වී ඇති ආහාර අර්බුදය අනුව වගා සංග්‍රාමයක් සඳහා රටේ ලක්ෂ 220ක ජනතාවගෙන්ම ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ සඳහා සමගි ජන බලවේගය ශක්තිය ලබාදෙන බවයි ඒ මහතා අවධාරණය කළේ.

රජයේ මුදල් පසුම්බිය අද හිස් බවත්, අද ඇත්තේ බංකොලොත් ආණ්ඩුවක් සහ බංකොලොත් රටක් බවත් කී විපක්ෂ නායකවරයා, ආණ්ඩුව බංකොලොත් වුවත් විපක්ෂය රට වෙනුවෙන් කැපවෙන බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, වග, ශ්‍රී රතනසාර මහා විද්‍යාලයට රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...