*
Friday, April 19, 2024
spot_img

Latest Posts

වනගත වෙන්න ඇමතිවරුන් කියන රටක දුප්පතුන්ගේ බඩගින්න නිවන ‘කමියුනිටි කිචන්’

කොළඹට ආසන්නව තරුණ පිරිසක් විසින් ආරම්භ කර තිබෙන කමියුනිටි කිචන් (Community Kitchen) ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතා වනවා. මේ කමියුනිටි කිචන් එක එදාවේල පිරිමහගන්න අමාරු මිනිසුන්ට ආහාර වේලක් දීමටයි නිර්මාණය කර තිබෙන්නේ.

මෙතනින් ආහාර ලබා දෙන්නේ නොමිලේ වීම විශේෂත්වයක්. නොමිලේ ආහාර ලබා දෙන සංකල්පය බොහෝ දෙනෙකුට නුහුරු දෙයක් වුනත් ඉන්දියාවේ ‘ග්‍රෑන්ඩ්පා කිචන්’ නම් පුංචි දරුපැටවුන්ගේ කුසගින්න නිවන සීයා කෙනෙකු ආරම්භකළ මුළුතැන්ගෙයි කතාව අරන් එන අති ජනප්‍රිය යූටියුබ් චැනලය හරහා පෙන්වන්නේත් මේ සංකල්පයම තමයි.

මේ අන්දමේ නොමිලේ ආහාර ලබාදෙන මධ්‍යස්ථානවලට ආධාර කරන්න පුළුවන්. ඊට දායක වෙන දානපතියොත් ඕනතරම් ඉන්නවා. අපි මේ කතා කරන කමියුනිටි කිචන් එක පවත්වාගෙන යාමටත් ආධාර ලබා දෙන්න පුළුවන් බව කියවෙනවා. මේ කමියුනිටි කිචන් එක රටේ හැමතැනකම වගේ ස්ථාපිත කරන්න කටයුතු යොදා තිබෙනවා කියලා ආරංචි වෙනවා. දැන් දවස් දෙකකට කලිං (02) මරදානේ පංචිකාවත්තේ අබේසිංහාරාමයේ එකක් විවෘත කරාලු.

ඒ වගේම මේ කමියුනිටි කිචන් එකට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සහයෝගය ලබා දෙන්නත් පුළුවන් කියලා කියවෙනවා. සහයෝගය දෙන්නේ කොහොමද? ආහාර පිළියෙල කරන අවස්ථාවට සම්බන්ධ වෙලා උයන්න, ළූණු සුද්ධ කරන්න, එළවලු ටික කපා දෙන්න.. වගේ කර්තව්‍යයන් වලට ඔබට දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ.

මේ වෙන විට රටේ තිබෙන සමාජ, දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවයත් එක්ක බිහිවුනු ජන අරගලයේ කිසිදා අපිට දකින්න ලැබුණු නැති අන්දමේ ආදරයක් එක්ක ජනතාව එක්රැස් වන අන්දම පහුගිය කාලය පුරාවටම දක්නට ලැබුණා. ආදරය සනිටුහන් කරන ජන අරගලයක් ලංකාවේ බිහිවුනේ ඉතිහාසයේ පළමු වතාවට බවයි කියවෙන්නේ.

ඒ සමඟම විවිධ මානුෂීය ඒකක බිහිවුනා.. ගෝල්ෆේස් පිටිය පුරා විහිදී තිබෙන්නේ ඒවා තමයි. මම දකින විදියට මේ කමියුනිටි කිචන් එකත් එහෙම එකක්.

කවුද ඕයි ඕවට ෆන්ඩ් කරන්නේ? ඔය කරන ෆන්ඩිං රටට එවපං කෝ. ආර්ථිකේ හදාගන්න..” ඕකනෙ ගොඩක් අය අහන්නේ.. ඒත් එවන සල්ලියටත් කෙළවන දේසපාලුවන් ඉන්න රටකට මිනිස්සු සල්ලි එවයි ද?

කවුරු ෆන්ඩ් කරත් මේ කරන වැඩේ අපි අවිවාදයෙන්ම අගය කළ යුතුයි. මොකද 74 වසරක් තිස්සේ මේ රට විනාශ කරපු දේශපාලඥයන් සහ මජර දේශපාලන ක්‍රමය තවමත් බලපැවැත්වෙන මොහොතක, තනි එක් නායකයකු නැති සෑම දෙනෙකුම නායකයන් වන වෛවර්ණයන්ගෙන් පිරි මේ ජන අරගලයේ, බඩගින්නේ ඉන්න අසරණ අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, දරුපැටවකුට ආහාරවේලක් ලබාදෙන්න ඉදිරිපත් වන්නේත් ඒකෙන් ලැබෙන අව්‍යාජ අහිංසක සතුට නිසා තමයි. 

ඉතිං ආර්ථිකේ කෙසේවෙතත්, මේ වගේ මනුස්සකම අගයන වැඩකට ෆන්ඩ් කරන්න හරි ෆන්ඩර් කෙනෙක්ට හිතෙන තත්ත්වයට ලංකාවේ ආදරයේ සංකේතය තවමත් පණගැටගහගෙන තියන එක අපි අමතක නොකළ යුතුයි.

ප්‍රමෝද් චින්තක පීරිස්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan