සුරේෂ් සලේ සියදිවි නසාගැනීමේ අවදානමක – නීතීඥවරුන් JMO වාර්තාව සමග අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශාදය, පශ්චාත් කම්පන ආතති ආබාධය (PTSD) , කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වී තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, සුරේෂ් සලේ පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් ගොනුකළ මෝසමක් ඊයේ (03) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතීඥවරයා පැවසුවේ අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාවේ ස්ථාන පහක සුරේෂ් සලේ වධහිංසාවන්ට ලක්ව ඇතැයි දක්වා ඇති බවත් මේ හේතුවෙන් ඔහු අධික ලෙස මානසික පීඩනයට ලක්ව සිටින බවත් ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සියදිවි හානිකරගැනීමේ අවදානමකට මුහුණ පා සිටින්නේ යැයි අදාළ වාර්තාවෙන් දැක්වෙන බවත් පැවසූ නීතීඥවරයා රැඳවුම් නියෝග මත සිටින ඔහුව මානසික ප්‍රතිකාර සඳහා සුදුසු පරිසරයක තබන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙය හදිසි කටයුත්තක් සේ සලකා මෝසම අද (04) දිනයේදී නැවත කැඳවීමට නියම කළ අතර අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.



සියදිවි හානිකරගැනීමේ සිතුවිලි පහළ වන අයට සහ විවිධ මානසික පීඩනයන්ගෙන් හිරිහැර විඳින අයට ඊට පිළිතුරක් ලබාගැනීම සඳහා පහත සඳහන් හදිසි උපකාරක අංක ක්‍රියාත්මක වේ.

1333 – CCCline
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0112696666
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – 1926

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...