හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙක් මරුට ?

හොරණ – බටගොඩ ගල්පාත ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ ඊයේ (03) පස්වරුවේ හටගත් ගින්නෙන් 11 දෙනෙකු පමණ මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

ගින්න හටගත් අවස්ථාව වනවිට මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් 72 දෙනෙකු පමණ රැඳී සිට ඇති අතර එයින් 44 දෙනෙකු කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව මුදාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තවත් 08 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

ගින්න පිළිබඳ ආරංචි වීමත් සමග වහාම ක්‍රියාත්මක වූ හොරණ ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කර තිබිණි.

එහිදී ගින්නට හසුවී මියගිය 8 දෙනෙකුගේ මළසිරුරු මේ වනවිට හමුවී ඇති අතර ඔවුන් වැඩිදෙනෙක් තමන් සිටි පුටුවල හිඳගෙන සිටියදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හොරණ පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...