ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:යහපාලන රජය සමයේ මුල් මාස 18ට සාපේක්ෂව වත්මන් ජාතක ජන බලවේගයේ ආණ්ඩුවේ මුල් මාස 18 කාලය යහපත් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
යහපාලන රජයේ මුල් මාස දහ අට තුල ගැසට් කරන ලද, සභාගත කරන ලද සහ සම්මත කරන ලද අන පනත් ප්රමාණයට වඩා වැඩි අණ පනත් ප්රමාණයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් පාලනය තුළ ඉදිරිපත් කර තිබෙන බවයි වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරන්නේ.
යහපාලනයේ මුල් මාස දහ අට තුළ නීති 20 ක් සම්මත කර තිබෙන අතර වත්මන් පාලනයේ මුල් මාස දහ අට තුළ සම්මත කර ඇති නීති ගණන 32 කි.
විශේෂයෙන්ම යහපාලනය සහ වත්මන් ජාතික ජන බලවේග රජය යන පාලනයන් පත්වන්නේම දූෂණ විරෝධී ප්රතිපත්තිය මූලික කරගෙන වීම විශේෂත්වයයි.


