*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ කුලුනු 3 වන ව්‍යවස්ථාදායකයක විධායකය සහ අධිකරණය වෙන් වෙන්ව ක්‍රියාත්මක විය යුතුයි

අප රට බංකොලොත් තත්වයට පත් වූයේ ලක්ෂ 220ක් වූ මහ ජනතාව නිසා නොව, රටේ සම්පත් දේපල සොරා කන ලද රාජපක්ෂ පාලනය නිසා බවත් මේ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ඇති පහසුම ක්‍රමය වන්නේ කොමිස්වලින් හා අල්ලස්වලින් සොරා කෑ මුදල් මෙන්ම පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ඩොලර් කෝටි ගණනක් මුදල් නැවත ලබා ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම මෝධි ගම්මානයේ පැවැති ජනහමුවක දීය.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා සහ අධිකරණ විනිසුරුවරු එකට හමු වී භෝජන සංග්‍රහයක් පවත්වනවායැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන පුවත අසත්‍යක් වේවා යැයි තමා ප්‍රාර්’ථනා කරන බව යි.

නමුත් එවැන්නක් සිදුව ඇත්නම් එය බරපතල කරුණක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ කුලුනු 3 වන ව්‍යවස්ථාදායකයක විධායකය සහ අධිකරණය වෙන් වෙන්ව ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය ය්‍රතු බවත් ප්‍රකාශ කළ විපක්ශ නායක වරයා, යම් හෙයකින් මෙවැනි භෝජන සංග්‍රහයක් සිදුව ඇත්නම් අධිකරණ විනිසුරුවන් පවා අපහසුතාවයට පත්වන බවත් එමගින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බාධාවක් බවත් එය යහපත් රාජ්‍ය පාලනයක් නොවන බවත් රජය විසින් අධිකරණයට ඇගිලි නොගසන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළේය.

ඒ අනුව, එවන් හමුවක් සංවිධානය කර තිබේ නම්, මේ පුවත් සත්‍යක් නම් කරුනාකර එවැනි වරදක් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan