කිරින්දේදී විදෙස් යුවළක් මුහුදට බිලි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එම විදෙස් ජාතික කාන්තාව සහ පුද්ගලයා දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් ඇති බවත්, මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු සහ 33 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් බවද වාර්තා වේ.

මියගිය දෙදෙනා අඹුසැමියන් වන අතර පවුලේ සාමාජිකයින් සමඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණ දියනාමින් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර,මෘත ශරීර දෙබරවැව රෝහලේ තැම්පත් කර ඇත. කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...

“11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළට!

කොළඹ LNW: "11-11" මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ...

මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල...