ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු තීරයේදී ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

සංවිධානාත්මක කණ්ඩායමක් සහ නාවික හමුදාව අතර ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු තීරයේදී ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය නාවික හමුදාවට උපදෙස් දී තිබෙන බව වාර්තා වේ.

එම වාර්තාව මත පදනම්ව නිගමනයකට පැමිණ ඉදිරි පියවර ගත හැකි බව, විෂයභාර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසා ඇත. මෙම සිද්ධිය සිදුව තිබුණේ නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව පෙරේදා මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදීයි.

මෙහිදී අදාළ කණ්ඩායම නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණි. නාවික හමුදාව පැවසුවේ, ඒ අවස්ථාවේ නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුගේ පිට ප්‍රදේශයට වෙඩිවැදී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...