කන්ටේනර් 323 පිළිබද විමර්ශන වාර්තාව ලබන සතියේ එළියට!

Date:

කොළඹ LNW:පරීක්ෂාවකින් තොරව මුදාහැර ඇති බව කියන බහාලුම් 323 පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කළ කමිටුව විසින් එම වාර්තාව ලබන සතියේ දී භාර දීමට නියමිත බව රජයේ මුදල් මුදල් පිළිබද කාරක සභාවට දැනුම් දී තිබේ.

මහභාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.

පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් ආන්දෝලනයක් පැවති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතර මේ වන විට ඔවුන්ගේ ප්‍රකාශවල නිරවද්‍යතාව පරීක්ෂා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද සිදුකර ඇත.

එර අනුව එම විමර්ශනයද ක්‍රියාත්මක වෙමින් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...