ගාසාව සඳහා එක්සත් ජාතීන්ගේ කොන්දේසි විරහිත සටන් විරාම යෝජනාව ඇමරිකාව සිය නිශේධ බලය භාවිතා කර ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ගාසා තිරය වෙනුවෙන් ක්ෂණික, කොන්දේසි විරහිත සහ ස්ථිර සටන් විරාමයක් ඉල්ලා කරනලද යෝජනාව රටවල් 14ක් ඊට පක්ෂව ජන්දය ප්‍රකාශ කර තිබියදී එක්සත් ජනපදය සිය නිශේධ බලය භාවිතා කරමින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය ආරක්ෂක කවුන්සිලයේ කෙටුම්පත් සටන් විරාම යෝජනාවක් නිෂේධ බලය භාවිතා කළ පස්වන අවස්ථාව මෙය විය.

මේ සමබන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලය සහ හමාස් අතර ව්‍යාජ සමානත්වයක් ඇති කරන හෝ ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය නොසලකා හරින කිසිදු පාඨයකට වොෂින්ටනය සහාය නොදක්වන බවත්, එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායලය සමඟ දිගටම සිටින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...