ටික්ටොක් තාරකාව Sana Yousaf අකාලයේ මිලින වූ හැටි!

Date:

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

Sana Yousaf ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ යෞවනියක වූ අතර, 17 හැවිරිදි ඇය පාකිස්ථානයේ ඇගේ නිවසේදී ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි,.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකරු ඇය හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වූ තැන මෙම ඝාතනය සිදු කර ඇති බවයි. පසුව ඇගේ නිවසට කඩා වැදී ඇති සානා යූසුෆ්ට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇයගේ ඝාතනය මේ වන විට පකිස්ථානයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් බවට පත්ව ඇති අතර , පොලීසියට බලපෑම් එල්ල වෙමින් ඇත්තේ, පරීක්ෂණ කඩිනම් කරන ලෙසටයි .

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ පාකිස්ථානයේ සානා යූසුෆ්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පමණක් ලක්ෂ පහක පරිශීලකයින් පිරිසක් සිටින අතර ටික්ටොක් ගිණුමෙහි සිටින පරිශීලකයින් සංඛ්‍යාව මිලියනයකට අධිකයි. සානා යූසුෆ්ගේ අවසන් වීඩියෝව වූයේ ඇය උපන්දිනය සමරන වීඩියෝව බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...