රුපියලකටවත් විකුණන්න බැහැ කියපු එයාර් ලංකා එකට අලුතෙන් ගුවන් යානයක් ගෙනාවා.දැන් මොකද කියන්නේ? (VIDEO)

Date:

කොළඹ LNW:රුපියලකටවත් විකුණන්න බැහැ කියන තැනට කාබාසිනියා කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවෙන් අලුතෙන් ගුවන් යානයක් ගෙනවිත් තිබෙන බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා විසින් පසුගිය කාලය පුරාම කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු පිට පාඩු කරවීම බව ඉතිහාස සිදුවීම සමඟම අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

ඒ අනුව ඊයේ දිනය ඓතිහාසික දිනයක් බව හෙතෙම පැවසුවේය.

මහජනතාව වත්මන් ආණ්ඩුවට බලය දුන්නේ ජනතාව සතුටින් තැබීමට වන හෙයින් ආණ්ඩුව ලෙස එය ඉටුකරන බවයි හදුන්නෙත්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හොරු හිරේ දාන වැඩේ ආණ්ඩුව විසින් අනිවාර්යයෙන් සිදුකරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...