ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික සංගීත කලාව ලන්ඩනයට ගෙන ගිය “පරණවාඩිය”!

Date:

සටහන – සාරංගා අරන්දර

කොළඹ (LNW): එක්‌සත් රාජදානියේ ආනන්ද විද්‍යාලීය ආදී සිසුන්ගේ ක්‍රීඩා සංගමය සහ ආදී මියුසියස් විද්‍යාලීය සිසුවියන්ගේ සංගමය ඒකාබද්ද වී සංවිධානය කල මියුරු සංගීත ප්‍රසංගයක් ” පරණවාඩිය ” නමින් පසුගියදා ලන්ඩනයේ වෙම්බ්‍ලි හිදී අතිවිශාල ශ්‍රී ලාංකීයන්ගේ සහබාගිත්වයෙන් පැවැත්විනි.

ශ්‍රී ලාංකික ප්‍රසංග කලාවේ අතිශය ජනප්‍රිය නව පරපුරේ ගායන ශිල්පියෙකු වන දුමාල් වර්ණකුලසුරිය, සහ ආදී ආනන්දියෙකුද වන ජනප්‍රිය ගායක මදුමාදව අරවින්ද මෙන්ම විශාරද වීරසිරි මල්වත්ත, විශාරද අනුෂා මල් වත්ත සහ සංගීත විශාරද දනුෂා සමන්මලී රත්නායක ද මෙහිදී ගීත ගායනා කළහ. ඊට අමතරව සංගීත කලාව ප්‍රගුණ කල එංගලන්තයේ වෙසෙන තවත් ශ්‍රී ලාංකීකයෝද ගීත ගායනා කල අතර නර්තන අන්ග රැසකින්ද මෙම සංගීත ප්‍රසංගය වර්ණවත් කෙරිණි. සංගීතය මෙහෙයවූයේ විමර්ශ ජයසිංහ ප්‍රමුඛ විරාග වාද්‍ය වෘන්දයෙනි.
වාර්ෂිකව මෙයාකාරයේ උසස් ප්‍රමිතියෙන් යුතු සංගීත ප්‍රසංග ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සංවිධානය කිරීමට බලාපොරොත්තු වනබව ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා සංගමයේ සභාපති චින්තක ගුනවර්දන මහතා සහ මියුසියස් විද්‍යාලයේ සභාපතිනී නීතීවේදිනී චමිලා උඩගෙදර මහත්මිය “අරුණ” ට පැවසුහ.

ජයාරූප – ට්‍රේවෝන් සිමෝන්ස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...