තම කිරි කැටියා විකිණීමට තැත් කළ තිදරු මවට බරපතළ වැඩ සහිත වසර 07ක සිරදඬුවම්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් හැත්තෑ පන්දහසක මුදලකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 46 හැවිරිදි තිදරු මවකට කොළඹ මහාධිකරණය විසින් අද බරපතළ වැඩ සහිත වසර හතක සිර දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

සිර දඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් සිර දඩුවමක් නියම කරන බවත් සදහන් කර සිටි බව පැවසේ.

මෙම විත්තිකාරිය හා ඇයගේ සැමියා විසින් පවත්වාගෙන ගිය නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයකට පැමිණි කාන්තාවක් හට දරුවා ගබ්සාවක් නොකර දරුවා බිහි කර අලෙවි කිරීමට පොළඹවා ගෙන තිබෙන අතර, දරුවා බිහි කිරීමෙන් අනතුරුව විත්තිකාරිය විසින් පොලිස් මූලස්ථානයේ කාන්තා පොලිස් සැරයන්වරියකට දින දෙකක් වයසැති දරුවා රුපියල් හැත්තෑ පන්දහසට විකිණීමට කටයුතු කර තිබෙන බවත් නඩුවේ විභාගයේදී සඳහන් කර ඇත.

පොලීසියේ උපාය දූතයෙකු මාර්ගයෙන් මුදල් ලබා දී අදාල දරුවා මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත් අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකාරියට එරෙහිව එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

තිදරු මවක් වශයෙන් විත්තිකාරිය විසින් සිදු කර තිබෙන වරද මිනිස් සංහතියම කම්පාවට පත් කරන අමානුෂික ක්‍රියාවක් බවත් විනිසුරුවරයා චෝදනා කර ඇත.

විත්තිකාරිය සිදුකර තිබෙන්නේ ඉතා බරපතල මෙන්ම කණගාටුදායක ක්‍රියාවක් බවත් එවැනි වරදවල් ලිහිල්ව සැලකිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වරදවල් වලට ලිහිල් දඬුවම් ලබාදීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කර ඇත.

සමාජයේ සෑම දරුවෙකුටම එක හා සමානව ආරක්ෂාව ලැබිය යුතු බවත් ඒ අනුව වින්දිත පාර්ශවයට සාධාරණයක් ඉටුවන ආකාරයේ දඬුවමක් ලබා දෙන බවත් ප්‍රකාශ කළ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...