හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ ඇපෑලක් ජූනි මස 16 වනදා විභාගයට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් ජූනි මස 16 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළ බව වාර්තා වේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමේ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින්, අමාත්‍යවරයා විසින් මෙම ඇපෑල ඉදිරිපත් කර තිබුණි .

මෙම ඇපෑල අද මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද දින නඩු විභාග කටයුතුවලට නොපැමිණි හෙයින් එම ඇපෑල පිළිබඳ විභාගය ජුනි මස 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩූල්ල නියෝග කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා