එරෝෆ්ලෝට් ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 4ක් අහිමි වෙන ලකුණු !!

Date:

රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගයක් මත මෙරටින් පිටවීමට ඉඩ නොදී රඳවා ගැනීමේ සිද්ධිය නිසා ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව සිටි සංචාරකයින් ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ආරංචිමාර්ග පවසයි.

වෙනත් පුද්ගලික සමාගමක් විසින් කොළඹ වාණිජ මහාධිකරණයට කළ පැමිණිල්ලක් අනුව මෙම ගුවන්යානය මෙරට රඳවාගැනීමට නියෝගයක් නිකුත් කර තිබුණු අතර මෙරටට පැමිණ සිටි රුසියානු සංචාරකයින් 200කට ආසන්න සංඛ්‍යාවක් සහ ගුවන්යානයේ කාර්ය මණ්ඩලය එයින් බරපතළ අපහසුතාවකට පත්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු රජය එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරිය කැඳවා සිය අප්‍රසාදය පළ කර තිබුණු අතර මේ වනවිට එරෝෆ්ලෝට් ගුවන් සේවය ශ්‍රී ලංකාවට වාණිජ ගුවන්ගමන් පැමිණීම නතරකර, ගුවන් ටිකට්පත් නිකුත් කිරීම ද නවතා දමා තිබේ.

මෙම තත්වය තුළ ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි රුසියානු සංචාරකයින් ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් සිය ගමන් අවලංගු කිරීමේ අවදානමක් පවතින බවයි සංචාරක ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධය නිසා මතුව ඇති ජාත්‍යන්තර තත්වයන් තුළ රුසියානුවන්ට ලොව බොහෝ රටවලට සංචාරය කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති හෙයින් සංචාරක ගමනාන්තයක් වශයෙන් ඔවුන්ගේ ප්‍රමුඛ තේරීමක් වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ලොව ඇතැම් ප්‍රධාන රටවල් සිය පුරවැසියන්ට අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති පසුබිමක ශ්‍රී ලංකාවට පැවති ස්වර්ණමය අවස්ථාවක් වූයේ ද මෙම රුසියානු සංචාරකයින්ගේ ආගමනයයි.

ඒ අනුව රටක් වශයෙන් මෙතරම් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියදී අනවශ්‍ය ප්‍රශ්නයක් මතුකර ගෙන මෙතරම් විශාල සංචාරකයින් ප්‍රමාණයක් නැතිකර ගැනීමේ අවදානමක් ඇතිකර ගන්නේ කාගේ වුවමනාවටද යන්න ප්‍රශ්නයක් බවත් ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...