*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අනේ සර් මේක ආයෙ ගන්නකෝ … – බැසිල්ගේ ගෝලයින්ට පුදුමාකාර හදිස්සියක් !

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝල මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට දැඩි ඉල්ලීම් ලැබෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

“අනේ සර් මේක ආයෙ ගන්නකෝ …” යනාදී වශයෙන් කංකෙඳිරි ගාමින් පුදුමාකාර හදිසියකින් යුතුව ඔවුන් ආණ්ඩු පෙරළියක් සඳහා බැසිල් රාජපක්ෂ මහතාව පොළඹවමින් සිටින අතර එය මෙතෙක් සිදුනොවී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා එවැන්නකට තරමක් පස්සගසමින් සිටින නිසා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට අමතරව ආණ්ඩුව තුළ බරපතළ මට්ටමේ ඉරිතැළීම් ගණනාවක් ම පවතින අතර ඒවා දිනෙන් දින උඝ්ර වෙමින් පවතින බවත් ආරංචිමාර්ග පැවසීය.

මෛත්‍රී – මහින්ද දින 52 ආණ්ඩුවේ වාර්තාව වත්මන් ආණ්ඩුව විසින් බිඳ දමන්නට ද ඉඩ ඇති බවක් ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර ලිපියකින් වාර්තා කළෙමු. එම තත්වයන් තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි මේ වනවිටත් පෙනී යන්නේ.

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan