SM චන්ද්‍රසේන සහ රාජපක්ෂලා එකතු වී LRCයේ මිලියන 700කට ඇනලා !

Date:

හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සහ රාජපක්ෂවරුන් හවුල් වී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා (LRC) අරමුදලට අයත් රුපියල් මිලියන 700ක් අවභාවිතා කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර සංකල්පය යටතේ උතුරු මැද පළාතේ කාබනික පොහොර නිෂ්පාදන නියමු ව්‍යාපෘති 35ක් සඳහා එකකට රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 700ක මුදලක් LRCයේ අරමුදලින් මෙසේ නිදහස් කරගෙන ඇති බව සඳහන්.

එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා විසින් 2021.05.25 වනදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙම මුදල නිදහස් කරගෙන ඇත්තේ මාස තුනක් තුළ එම කාබනික පොහොර ව්‍යාපෘතිවල නිෂ්පාදන මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගෙවන මුදලින් ප්‍රතිපූර්ණය කිරීම සඳහා යැයි කියමින් නමුත් වසරක් ගතව ඇතත් එම රුපියල් මිලියන 700න් ශත පහක හෝ මුදලක් යළි ගෙවා නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම මුදල් නිදහස් කරගෙන ඇත්තේ LRCය සතු මුදල් මෙවැනි ව්‍යාපෘතියක් සඳහා යෙදවීම නීතිවිරෝධී බව ඉඩම් අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා විසින්ම ලිඛිතව දැනුම් දී ඇති පසුබිමක් තුළ වීමත් විශේෂත්වයකි.

එකක් රුපියල් මිලියන 20 බැගින් වූ මෙම කාබනික පොහොර ව්‍යාපෘතිවල ඇස්තමේන්තුවලින් රුපියල් මිලියන 17ක්ම කල්බදු ක්‍රමයට වාහන මිලදී ගැනීමට සහ ගොඩනැගිලි ඉදිකිරීමට වෙන්කර තිබී ඇති අතර කාබනික පොහොර නිෂ්පාදනයට අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙන්කර තිබී ඇත්තේ රුපියල් ලක්ෂ 9ක් පමණි.

මෙම කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද කාබනික පොහොර ව්‍යාපෘති භාර අමාත්‍යවරයා වශයෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද අනුමත කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මීට ලිඛිත එකඟතාව ලබාදී ඇත.

එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේම දේශපාලන බල ප්‍රදේශය වන උතුරුමැද පළාතේ මෙම ව්‍යාපෘති ඉටුකිරීම වෙනුවෙන් ඔවුන්ගේම හිතවතුන්ට මෙම මුදල් නිකුත් කර ගසා කෑමට ලක්කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙය වඩාත්ම බැරෑරුම් වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වැනි මෙරට අතිශයින්ම වැදගත් කොමිෂන් සභාවක අරමුදලට අයත් මුදල් පවා මොවුන් මෙසේ නීතිවිරෝධී ලෙස, ව්‍යවස්ථා විරෝධී ලෙස, මුදල් බලතල ඉක්මවා යමින් එළිපිටම අවභාවිතා කිරීමෙනි. මෙවැනි තත්වයක කෙළවර කුමක්දැයි සිතාගැනීමට පවා අපහසු තරම් එය දරුණු ය.

මේ පිළිබඳ වැඩිවිස්තර නුදුරේදීම බලාපොරොත්තු වන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...

තංගලු ගිය මහින්දට කොළඹින් සුපිරි නිවාස දෙකක් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් තමන්...

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...