සටහන – රුවන් නෙළුගොල්ල
මුදල් අමාත්යාංශය යටතේ ඇති රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් පෙරේදා (03) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 182 හා දින 364 ඵලදා අනුපාතිකයන් 10% මට්ටම ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, එහිදී දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.68% සිට 10.01%ක් දක්වා සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 9.83% සිට 10.02%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.36% සිට 9.84%ක් දක්වා ඉහළ ගොස් ඇත.
රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය පවසන්නේ එම වෙන්දේසිය සඳහා රු. මිලියන 140,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට රු. මිලියන 213,085ක ලංසු ප්රමාණයක් ලැබී තිබුණු බවයි. කෙසේවෙතත් ලංසු පිළිගෙන තිබුණේ රු. මිලියන 111,164ක භාණ්ඩාගාර බිල්පත් ප්රමාණයකට පමණි.



