සටහන – රුවන් නෙළුගොල්ල
රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබේ.
ඒ අනුව ඔහුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර ඇති අතර, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. ඊට අමතරව පැමිණිලිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද අධිකරණය ඔහුට නියෝග කර ඇත.
මෙම ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබුණේ මැණික් ගලක් සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනයේදී සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් බලෙන් ලබාගෙන විමර්ශන කටයුතු සිදු නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට ලැබී තිබුණු පැමිණිල්ලක් අනුව නිකුත් කළ නියෝගයක් මත ය.


