*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව ඡන්දයකට සැරසෙයි. මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට සාකච්ඡා !

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් දේශපාලන මෙහෙයුමක් ආරම්භ කිරීමට අදාළව සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී පැවැත්වී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්, කැබිනට් අමාත්‍යවරුන් සහ ඒ ඒ පක්ෂවල දිස්ත්‍රික් නායකයින්ගේ සහභාගීත්වයෙන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන මෙහෙයුම් කමිටුවක් සැකසීමේ මූලික සාකච්ඡාව මෙහිදී සිදුව ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ සෙසු දේශපාලන සංවිධාන මනා සම්බන්ධීකරණයකින් යුතුව එක් අරමුණක් ඔස්සේ ක්‍රියා කළයුතු බවයි.

සෘණ මට්ටමේ පැවති රටේ ආර්ථිකය මේ වනවිට යථාවත් කර ඇති අතර ලබන සැප්තැම්බර් මාසය වනවිට එය ධන මට්ටමකට ගෙන එන බව පවසා ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් මේ පිළිබඳව දැනුවත් කරන ලෙස පක්ෂ නායකයින්ගෙන් සහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත.

එසේම ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ගමට ගොස් පසුබිම සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ මෙවන් මෙහෙයුම් කමිටුවක් පිහිටුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මුලින්ම ඒ ඒ පක්ෂ සමග සාකච්ඡා කළයුතු බවයි. සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද එය අනුමත කරමින් අදහස් දක්වා ඇත.

ඒ අනුව ඉදිරියේදී වැඩිදුර සාකච්ඡා පවත්වා අදාළ මෙහෙයුම් කමිටුව පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan